ප්‍රමුඛ පුවත 1

මොරගහකන්ද ජනතාවට දැනුම්දීමක්

(UTV | කොළඹ) – අඹන්ගඟ අවට ජනතාව සහ ඇලහැර,  අතරගල්ලෑව, කිරිඔය,බකමූණ, දියබෙදුම යන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති හේතුවෙනි.

මිට අමතරව, අයහපත් කාලගුණයත් සමඟ වාකරේ – පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප්‍රදේශයේ ගංවතුරට සිර වී සිටි පුද්ගලයින් විසිතුන් දෙනෙකු අතරින් තුන් දෙනෙකු හෙලිකොප්ටර් යානයක් යොදවා මුදා ගැනීමට කටයුතු කළ බවයි.

මේ සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

තවද , කලාඔය පිහිටි ජලාශවල වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් රාජාංගනය ජලාශයට පහළ කොටසේ නීලබැම්ම – එළුවන්කුලම ගංවතුර අවදානම් කලාපයේ පදිංචි ජනතාවට ඉවත්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවසන් තීරණයක් ගන්නා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අදයි

Mohamed Dilsad

කෝට්ටේ මහා නගර සභාවේ එ ජා ප නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment