ව්‍යාපාරික

මෙරට ධීවර සම්පත් සංවර්ධනයට වියට්නාමයේ සහය

(උදයම්,කොළඹ) – මෙරට ධීවර සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය වියට්නාමයෙන් ලබාගැනීමට සුදානම් බව රජය පවසයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අග්‍රමාත්‍යවරයා සමඟ වියට්නාම නිල සංචාරයට එක්වූ අමාත්‍යවරයා එරට ධීවර බලධාරීන් සමඟ සාකච්ඡා කල බවය.
එහිදී  ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා ජල ජීවී වගා කර්මාන්තය සංවර්ධනය සඳහා තාක්ෂණික සහය ලබාදීමට එම බලධාරීන් එකඟතාව පළ කර තිබේ.
වියට්නාමයේ ජල ජීවී වගා කර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යයන චාරිකාවකට එක්ව ඇති අමාත්‍යවරයා අතර එරට අපනයනය සඳහා වගා කරන මත්ස්‍ය විශේෂයක් වන පැන්ජිසස් නැමැති මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේ වගා කිරීම කෙරෙහිද අවධානය යොමු ඇත.

මෙම මත්ස්‍ය විශේෂය සඳහා යුරෝපීය රට වල විශාල ඉල්ලුමක් පවතින බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Related posts

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක බද්දෙන් නිදහස්

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

කිතුල් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment