ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ අවසන් කර කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රථීපල අවලංගුයි

(UTV | කොළඹ) –  සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන ලබන බ්‍රහස්පතින්දා දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව සාමකාමීව විසිර යන ලෙසට විභාග දෙපාර්තමේන්තුව සියලු අයදුම්කරුවන්ට දැනුම් දෙයි. 

විභාග මධ්‍යස්ථානයේ දී සහ එම පරිශ්‍රයේදි කළහකාරි ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඩුවම් ලබා දෙන බවත් , විභාගය අවසන් වීමෙන් පසුව පොදු දේපලවලට හානි කරමින් කළහකාරිව හැසිරුනහොත් විභාග ප්‍රථීපල අවලංගු කිරීමට වුවද හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර , විභාගය අවසන් වීමෙන් පසු සියලු විභාග මධ්‍යස්ථාන අවට ඡංගම පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරිමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

දළදා මාලිගාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් මතුගම ඉදිකෙරේ.

Mohamed Dilsad

Leave a Comment