ප්‍රමුඛ පුවත 1

පුරප්පාඩු මන්ත්‍රි ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම් දේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වෙත කොමිෂන් සභාවේ තීරණය දැනුම් දීම ඒ අනුව හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී නියමිතව ඇත.

අනතුරුව රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාගෙන් පසු වැඩි මනාප ලබා ඇති පුද්ගලයා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නම් කර එවීම තේරීම් භාර නිලධාරී විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව 2015 මහ මැතිවරණයේදී රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයාට පසුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරඟ කළ වරුණ ලියනගේයි.

නිවිතිගල එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ලෙස ඔහු මේ වනවිට කටයුතු කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රීවරු 05 දෙනෙක් කරපු වැඩක්…

Mohamed Dilsad

ලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයි

Mohamed Dilsad

ඒකල වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment