ප්‍රමුඛ පුවත 1

ඒකල වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුට

(UTV| කොළඹ)  – ජාඇළ – ඒකල මහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඔහු ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ කළු අජිත් ලෙස හඳුනාගෙන තිබේ.

ඊයේ පස්වරු 7 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

කළු අජිත්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඒකල මහ පන්සල නම් විහාරස්ථානයට පිටුපස මාර්ගයේදී තවත් පුද්ගලයෙකු සමග සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය

වෙඩි ප්‍රහාරයෙන් කළු අජිත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ පොළොන්නරුව යන අධිකරණවලින් වරෙන්තු නිකුත්ව සිටි අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වළක්වාලමින් පෙත්සමක් [UPDATE]

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වලකින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment