ප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක්

 

(UTV | කොළඹ) – මෙම සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සිදු කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කිරීමට එම පක්ෂය ගත් තීරණයට විරෝධය පල කළේය.

ඒඅනුව පක්ෂය තුළ ප්‍රතිසන්ධානයක් ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවිය යුතු බවට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගෙන තිබුණි.

මේ හේතුවෙන් එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් අදාල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පත් කර ඇති බව වාර්තා වේ.

අදාල කමිටුව සඳහා මීට අමතරව ස්වාධීන විද්වතුන් දෙදෙනෙකු ද පත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට ළඟා වෙයි

Mohamed Dilsad

මෙරට අධිකරණ පද්ධතිය සකස් කිරීමට කැනඩාවේ සහය [VIDEO]

Mohamed Dilsad

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment