විදෙස්

රුසියානු ප්‍රහාරක යානා උතුරුදිග සිරියාවට

(UTV| කොළඹ) – උතුරුදිග සිරියාවේ ඇමරිකානු හමුදා ඉවත් කරගත් ගුවන් කඳවුරුවලට රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ගොඩබැස තිබෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රූපවාහිනී සේවාව මගින් සනාථ කර තිබේ.

සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේ තුර්කි දේශසීමාව ආසන්නයේ මෙම කඳවුර පිහිටා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරුදිග සිරියාවේ ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමට ජනපති ට්‍රම්ප් පසුගිය මාසයේදී පියවර ගත් අතර , ඉන් අනතුරුව තුර්කි හමුදා, කුර්දිවරුන්ට එරෙහි හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ අත්හැර දමනු ලැබූ ඇමරිකානු ගුවන් කඳවුරු සිරියානුවන් සඳහා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා බවයි.

එමෙන්ම එය සිරියානු හමුදාවලට යුධෝපකරණ ලබාදීමට ද රුසියාව යොදාගනු ඇති බවට අපේක්ෂා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

Mohamed Dilsad

ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment