ව්‍යාපාරික

සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීමක්

(UTV | කොළඹ) – පෙර වසරට සාපේක්ෂව පසුගිය ඔක්තෝම්බර් මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 22.5කින් පහත වැටී තිබේ.

සැප්තැම්බර් මාසයේදී ද සංචාරක ආගමනය සියයට 27.2කින් පහත වැටී තිබෙන අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයට ඇති වූ බලපෑම මෙතෙක් අවසන් වී නොමැති බව මෙහිදී පෙනී යයි.

ඔක්තෝම්බර් මාසයේදී දිවයිනට සංචාරකයන් එක්ලක්ෂ 18,743ක් පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් සහ චීනයෙනි.

බ්‍රිතාන්‍ය සංචාරකයන් දිවයිනට පැමිණීම සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් පහත වැටීම විශේෂත්වයක් වේ.

එය 2018 වසරට සාපේක්ෂව සියයට 20.7ක පහත වැටීමක් ලෙස සැලකිය හැකි අතර වසරේ මුල් මාස 10 සැලකූ විට දිවයිනට සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය 181 සීමාව පසුකරයි

Mohamed Dilsad

වාහන ගැන සුබ ආරංචියක්

Editor O

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment