ප්‍රමුඛ පුවත 1

තංගල්ල හිටපු නගරාධිපති යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි නොවැම්බර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත වරුෂවිතාන මහතා අද (06) නියෝග කර තිබේ.

2013 වසරේ තංගල්ල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු රුපියල් හය ලක්ෂ හැටදහසක් වටිනා ගිනි නිවීමේ උපකරණ නගර සභාවට යළි භාර නොදීම ඔහුට ඇති එක් චෝදනාවකි.

තවද පෙර පාසලකට ලබාදුන් මල්ටි මීඩියා යන්ත්‍රයක් මෙන්ම, එහි තිරය අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා පසුගිය 24 දින තංගල්ල මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතගේ ඇප අයදුම්පත කැඳවීමට දින තීරණය වේ

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

Leave a Comment