ක්‍රීඩා

දිල්ලි බුල්ස් කණ්ඩායමෙන් මැතිව්ස්ට අනගි අවස්ථාවක්

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි ටී – ටෙන් පන්දු වාර දහයේ ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබේ.

එම කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කළේ මොහොමඩ් නබී සහ ෂර්ෆේන් රදෆ්ර‍ෙඩ් ඇතුළු ක්‍රීඩකයන් අතරට ජාත්‍යන්තර තලයේ මනා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගත් බවයි.

එක්සත් අරාබි එමීරයේ ටී – ටෙන් ලීග් තරගාවලියේ තෙවන අදියර ලෙස අබුඩාබි ටී ටෙන් තරගාවලිය ඇරඹීමට නියමිතය.

නොවැම්බර් 15 වනදා සිට 24 වනදා දක්වා සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.

මැතිව්ස්ට අමතරව දිල්ලි බුල්ස් කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා සහ දුශ්මන්ත චමීර යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම ඔයන් මෝගන්, ෂොයිබ් මලික්, සහීර් ඛාන්, අදිල් රෂීක් සහ සොහිල් තන්වීර් ද ඇතුළත් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෝනිගෙන් මරු වාර්තාවක්

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීගයේ ලාභය මිලියන 100ක්

Mohamed Dilsad

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment