ප්‍රමුඛ පුවත 1

විමල් ඇතුළු 06 දෙනාට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ) – කුරුදුවත්ත පොලිසිය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක විභාගය ලබන වසරේ පෙබරවාරි මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

2016 වසරේදී එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවනු ලැබුවේ අතර මෙම නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

Mohamed Dilsad

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment