ප්‍රමුඛ පුවත 1

ගෑස් සිලින්ඩර සැඟවූ 37කට නඩු

(UTV | කොළඹ) – ගෑස් හිඟයක් මවාපාමීන් ගෑස් සිලින්ඩර් සැඟවූ සහ වැඩි මිලට අළෙවි කිරීම වැනි වැරදි සිදුකළ වෙළදුන් 37 දෙනෙකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීර පවසයි.

ඇතැම් වෙළද ව්‍යාපාරිකයින් මේ හරහා ප්‍රතිලාභ ලබා ගැනීමට පෙළඹී තිබේ.

ඇතැම් අය ගෑස් ළඟ තබා ගෙන නොදී සිටීම, ගෑස් වැඩි මිලකට විකිණීම සහ ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්නේ නම් ඒ වෙනුවෙන් ගෑස් උදුනක් මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවූ බව කියන වෙළදුන් 37 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශය කටයුතු කර ඇත.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට 1977 යන දුරකථන අංකය හරහා දැනුම් දිය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීතියට අදාළව රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

Leave a Comment