Trending News

මීතොටමුල්ලෙන් තවත් මළසිරුරු සොයා ගැනේ,මිය ගිය සංඛ්‍යාව 30ක්

(උදයම්,කොළඹ)  –  මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ යයි.

ඊයේ පස්වරුවේ එම සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු කිහිපයක් සොයා ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ සඳහන් කළේ පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.නමුත් පසුව තවත් නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම අතුරුදන්වුවන් ගණන  11 ක් දක්වා අඩු කළේය.

කෙසේ වෙතත්  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ දිනයේ මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සදහන් කළේ තවත් 10 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවය.

මේ අතර, අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම  සිද්ධියෙන් තුවාල ලැබූ 7 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

ரங்கனவின் பிரியாவிடை மற்றும் இடம் குறித்து ஹதுருசிங்கவிடம் இருந்து விசேட கருத்து…

Mohamed Dilsad

සම්පත් මනම්පේරි අධිකරණයට බාරවෙයි

Editor O

Executive Officers’ protest: Passport one day and normal services suspended

Mohamed Dilsad

Leave a Comment