ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනසක්

(UTV | කොළඹ) – එංගලන්තයේ හිටපු ප්‍රබල පිතිකරු වන මාර්ක් රාම්ප්‍රකාෂ් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට සුදානමක් ඇති බව  ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට ඔහු උනන්දුවෙන් පසුවන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

50 හැවිරිදි ඔහු එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 52කදී ලකුණු 2350ක් රැස්කිරීමට සමත්ව තිබේ.

මිට අමතරව හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කරයි.

42 හැවිරිදි බ්‍රෙට් ලී පුහුණුකරුවෙකුට වඩා තරඟ විස්තර විචාරයකු ලෙසයි ලොව පුරා ජනප්‍රියව ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොදෙව්වන් සහ අයර්ලන්තය අතර දෙවන එක්දින තරගය අද

Mohamed Dilsad

මොහාන් සහ රවීන් ක්‍රිකට් නිලවරණ තරඟයට

Mohamed Dilsad

ආසියානු බර ඉසිලීමේ ශුරතාවට ශී‍්‍ර ලංකාවෙන් සිව් දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment