Trending News

ගාන්ධිජී – ටූ බොලිවුඩ් තරු රැසක් සමඟින්

 

(UTV | කොළඹ) – බොලිවුඩ් තරු රැසක් නූතන භාරත දේශයේ නිර්මාතෘ මහත්මා ගාන්ධිතුමන්ගේ ජීවිත කථාව ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීමට එක්වී තිබේ.

රාජ් කුමාර් හිරානි ගේ , අධ්‍යක්ෂණයෙන් මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්ම ශත සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කර ඇති තත්පර සියයක ගාන්ධිජී – ටූ නැමති ප්‍රවර්ධන වීඩියෝ පටය ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සෝනම් කපූර්, කංගනා රනාවත් ඇතුලු බොලිවුඩ් තරු විසින් ඉදිරිපත් කරයි.

මහත්මා ගාන්ධි වීඩියෝ පටය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවසේදි දියත් කෙරුණු අතර, එහිදි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දිය සිනමාවට ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතින බවත් එමඟින් විවිධ ජන සමාජයන් එක් කරන බවත්ය.

වෙනස්වන ලෝකයට මහත්මා ගාන්ධිතුමන් යළි හඳුන්වාදීම අවශ්‍යතාවක් බව සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් එහිදී කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

பண்டிகை காலத்தை முன்னிட்டு இன்றும்(15) விசேட போக்குவரத்து

Mohamed Dilsad

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

Editor O

“The national movement against the corrupted elite reconciliation will commence,” says the President

Mohamed Dilsad

Leave a Comment