ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර අත්සන් තැබීමට දින නියම වේ [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ලබන 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කරයි.

එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට පසුගිය 10 වැනිදා අත්සන් තැබුවේය.

පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනපද තානාපති කාර්යාලය තාවකාලිකව වැසෙයි..

Mohamed Dilsad

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

මෙවර ජනාධිපතිවරණය දියුණු දේශපාලනික ලක්ෂන පෙන්නුම් කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment