ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න පොලීසියෙන් ඉල්ලීමක්

 

(UTV | කොළඹ) – මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් සහ ඊට යාබදව ඇති පාසලක් අසළ සැකකටයුතු වාහනයක් තිබෙන බවට ලද තොරතුරක් අනුව පරීක්ෂා කිරීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

එය අසත්‍යය ආරංචි බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් ඊයේ(15) රාත්‍රියේ එම ස්ථානයේ නවතා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ද පාසලක් අසල සැකකටයුතු පාර්සලක් පවතින බවට ලද තොරතුරක් මත යුධ හමුදාව ගොස් පරීක්ෂා කිරීම සිදුකළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියා.

එම පාර්සලයේ කිසිවක් නොතිබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

මිලියන 13ක හෙරොයින් සමඟ හයිබි‍්‍රඞ් සුද්දා අල්ලයි.

Mohamed Dilsad

‘සමාජ වැඩට’ ජපුරෙන් උපාධියක්

Mohamed Dilsad

Leave a Comment