ප්‍රමුඛ පුවත 1

පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

(UTV | කොළඹ) – පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය ද , ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කිරීමට ද තීරණය කර ඇත.

අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් අටත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් ජාලය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ නැංවෙයි.

කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය ‍සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

දෙසැම්බර් 3 පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment