ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණූ 64 ක ජයක්

(UTV| කොළඹ) – පාකිස්ථානයට එරෙහි පළමු විස්සයි 20 ක්‍රිකට් තරඟයේ ලකුණූ 64 ක ජයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි තිබේ.

මෙම තරඟය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි පැවති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්සේදී  කඩුළු 5 ක් දැවී ලකුණූ 165 ක් ලබා ගත්තේය.

එහිදී ධනුෂ්ක ගුණතිලක පන්දු 38 කදී ලකුණු 57 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33 ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 32 ක් රැස් කළා.

පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හස්නයින් ලකුණු 37 කට කඩුලූ 3 ක් බිද හෙලූවේය.

පිළිතුරු වශයෙන් පාකිස්ථාන පිලට පන්දු වාර 17 යි පන්දු 4 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 101 ක් පමණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟය හෙට (07) ලාහෝර් හිදි පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්දිමාල්ගේ අභියාචනය

Mohamed Dilsad

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment