ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය කර ඇති බවට සහතිකයක්

(උදයම්,ත්‍රිකුණාමලය)  –  ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ විශේෂයෙන්  කින්නියා ආශ්‍රිතව ඩෙංගු රෝගය පැතිරයාම මේවන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙමෙ තත්වය ඉදිරි සති දෙක ඇතුළත සම්පුර්ණයෙන්ම පාලනය කළ හැකි වනු ඇති බව ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහන් කරයි.

ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ කළේ කින්නියා, ත්‍රීකුණාමලය, උප්පුවේලී, මුතූර් යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ඩෙංගු රෝගීන් 3500ක් පමණ වාර්තා වූ බවයි.

මේ වන විට වාර්තාවී ඇති මරණ 15ක් සිදුව තිබේ.

මේ අතර නාවික හමුදාව විසින් යාපනය අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී වෛද්‍ය සායනයක් පවත්වා තිබේ.

මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචිකළ පුද්ගලයින් 538 දෙනෙකු පමණ එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

Related posts

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

Mohamed Dilsad

කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගිය ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කරයි

Mohamed Dilsad

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment