ප්‍රමුඛ පුවත 1

නාම යෝජනා බාර ගන්නා දින පාසල් කිහිපයක් වැසේ

(UTV-කොළඹ) – කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා ලබනා සඳුදා දින(07) වසා තැබීමට තීරණය කර තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සමඟ පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබිමට රාජගිරිය මංසන්ධිය හා ඒ අවට වෙන් කෙරෙන බැවින්, එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගෙන් ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුලු මාර්ග කීපයක් වසා තබා තබන මෙන් මෙලෙස ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා විසින් කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

Leave a Comment