ප්‍රමුඛ පුවත 1

කල් ගිය ශ්‍රීලනිප තීරණය

(UTV |කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණදී ශ්‍රී ලංකා නිදහස්  පක්‍ෂය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලබන සෙනසුරාදා රැස්වී තීරණය කරන බව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ  ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(30) රාත‍්‍රීයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

පැය 3 1/2 ක පමණ කාලයක් පැවැති මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් වන පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි.

ඒ අනුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දෙන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ ගැටළුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නම් සහය දීම ගැටළුවක් බව මධ්‍යම කාරක සභිකයින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර තිබේ.

මේ අතර පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ නම් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

එම කෙටුම්පත අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දිවයින පූරා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment