ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය පොහොට්ටුවට සහය දීමේ තීන්දුව හෙට

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට(30) ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන එය ලබන සඳුදා වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැනුම් දෙන බව ශ්‍රීලනිපය පවසා තිබේ.

ඊයේ(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ නව සන්ධානය ගොඩනැගීම පිළිබඳවයි.

මෙම හමුවට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව වාර්තාවේ.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

සම්බා හා නාඩු සහල්වලට උපරිම සිල්ලර මිලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment