ප්‍රමුඛ පුවත 1

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද සෙබලෙක් මිය යයි

(UTV| කොළඹ) – කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද හමුදා භටයෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

පොලීසිය පවසන ආකාරයට දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති අතර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ සෙබලා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මියගොස් ඇත්තේ 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු වන ඔහු 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරිරය මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදොස් කොට නිදහස් කෙරේ..

Mohamed Dilsad

දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දමයිද?

Mohamed Dilsad

Leave a Comment