ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති ඇපල් මාදිලියේ අගල් 15 Mac Book Pro උපාංගය ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ එහි බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතුව ඇති නිසා මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට ගුවන් මගින්  සමත් විය යුතු බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසන් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වන්නේ ගුවන් මගින් විසින් රැගෙන එනු ලබන Mac Book Pro උපාංගයේ ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන බවයි.

Related posts

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

පළමුව කැබිනට් අමාත්‍යවරු 20 ක් දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

හඳුනා නොගත් මළසිරුරක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment