ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය,ඉංජිනේරුවන්ගේ සූදු පොළක් වටලයි

 

(UTV-කොළඹ) – මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස පවත්වාගෙන සූදු පොළක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබේ.

ගම්පොළ, උලපනේ, උඩගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමත් සමඟ මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් මෙලෙස සංවිධානාත්මකව දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවල අදාළ සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සෑම ඉරිදා දිනකම සහ නිවාඩු දිනවල මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ සූදු පොළ පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගතහොත් ඔවුන්ට ඇප ලබාදීම සඳහා ද තවත් පිරිසක් සූදානමින් සිටින බව වැඩි දුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පාසල් 27 ක් වැසෙයි

Mohamed Dilsad

ඇමති අකිල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

Leave a Comment