කලා

බන්ධනය ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට නරඹන්න

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකේය සිනමාවට නැවුම් ප්‍රවේශයක් රැගෙන සෙනෙහස හා ආදරය අභිවවා වෛරය හා ක්‍රෝධය එකතු වූ විට නිමැවෙන මාරාන්තික ඝට්ටනයක් පිලිබඳ දිගහැරෙන කතාවක් වන බන්ධනය හෙට(07) සිට CEL මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිර ගත වීමට නියමිතය.

උදයකාන්ත වර්ණකුලසුරියගේ අධ්‍යක්ෂනයක් වන මම චිත්‍රපටය ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහිවූ අතිශය භයංකර සිනමාපටයද වනු ඇත.මෙහි ප්‍රධාන චරිත නිරූපණයට දුලානි අනුරාධා,හේමාල් රණසිංහ එක් වෙති.

බන්ධනය දිවයින පුරා පිහිටි 3D සිනමාහල් වලදී 3D තාක්ෂණයෙන් තිරගත වනු ඇත.

බන්ධන චිත්‍රපටයේ ත්‍රිමාණ තාක්ෂණ අධ්‍යක්ෂණය බුද්ධික විජේරත්න සහ සමින්ද වතවනවිතානගේ,ත්‍රිමාණ තාක්ෂණ අධීක්ෂණය චතුර රණසිංහ,ත්‍රිමාණ තාක්ෂණ ශිල්පීන් අකිල හේමසිංහ,ප්‍රවීන් අභිෂේක්,කෝලිත බණ්ඩාර සහ යසස් ප්‍රවීන්.

Related posts

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සියදිවි හානි කරගනී

Mohamed Dilsad

Leave a Comment