ප්‍රමුඛ පුවත 1

පුජිත සහ හේමසිරි කොළඹ මහා අධිකරණයට එයි

(UTV| කොළඹ) – ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට සහභාගිවීම සඳහා හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර කොළඹ මහා අධිකරණයට අද පෙරවරුවේ පැමිණියේය.

මීට පෙර එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට එරෙහිව වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් ප්‍රතික්ෂේප කෙරුණි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වලට අනුව ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සභාපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග

Mohamed Dilsad

2017 ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට යුද හමුදාවේ අනුග්‍රහය

Mohamed Dilsad

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment