ප්‍රමුඛ පුවත 1

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවෙනවා – අගමැති මාලදිවයිනේදී කියයි

(UTV|මාලදිවයින) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා යැයිද, 19 වන සංශෝධනයෙන් පසුව විධායක බලය හොබවන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව කෙරෙහි ඇති සාමූහික වගකීම ඉහළ ගිය බවද ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් කැපවී ඇති බවද ප්‍රකාශ කළේය.

මාලදිවයින්හි නිල සංචාරක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මාලදිවයින් මහජන මජ්ලිසය හෙවත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින මේ බව පැවසීය.

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් සෝලි මහතාගේ ආරාධනයෙන් මාලදිවයින්හි දෙදින නිල සංචාරයක නිරතවනරනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන ලද්දේ මාලදිවයින් මහජන මජ්ලිසයේ කථානායක සහ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතාගේ ආරාධනයක් අනුවය.

Related posts

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment