ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථය අද සිට විවෘතයි

(උදයම්,කොළඹ)  –  නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද විවෘත කෙරේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කිරීමට නියමිත බවයි.
මෙම නව ගුවන් පථය ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

Related posts

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්

Mohamed Dilsad

නුවරඑළියට මල්තුහින

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment