ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථය අද සිට විවෘතයි

(උදයම්,කොළඹ)  –  නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද විවෘත කෙරේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කිරීමට නියමිත බවයි.
මෙම නව ගුවන් පථය ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

Related posts

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

විජයකලාගේ නඩුවකට නීති උපදෙස් පතා යළිත් සිහිකැඳවීමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 80% ක් ඉක්මවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment