ප්‍රමුඛ පුවත 1

පහත වැටී තිබුණු ජල විදුලි නිෂ්පාදනය ඉහළට

 

(UTV | කොළඹ) – නිරතදිග මෝසමත් සමග මේ දිනවල දිවයින පුරා ඇද හැළුණු වර්ෂාවත් සමඟ ජල විදුලි නිෂ්පාදනයද ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණයත් සමඟ 12% ත්, 15% ත් අගයකට වැටී තිබූ ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට 25% ත්, 30% ත් අතර අගයකට පැමිණ ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

දිවයිනේ පළාත් රැසක අදත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර , මුහුදු ප්‍රදේශවල සුළං තත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

රංජන් රාමනායක සිය වත්කම් බැරකම් හෙළි කරයි…

Mohamed Dilsad

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

Mohamed Dilsad

ආපදා හේතුවෙන් වැසුණු පාසල් ලබන 05වනදා විවෘතයි

Mohamed Dilsad

Leave a Comment