ප්‍රමුඛ පුවත 1

පහත වැටී තිබුණු ජල විදුලි නිෂ්පාදනය ඉහළට

 

(UTV | කොළඹ) – නිරතදිග මෝසමත් සමග මේ දිනවල දිවයින පුරා ඇද හැළුණු වර්ෂාවත් සමඟ ජල විදුලි නිෂ්පාදනයද ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණයත් සමඟ 12% ත්, 15% ත් අගයකට වැටී තිබූ ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට 25% ත්, 30% ත් අතර අගයකට පැමිණ ඇති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

දිවයිනේ පළාත් රැසක අදත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර , මුහුදු ප්‍රදේශවල සුළං තත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

22 වනදා සිට විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment