ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද

 

(UTV | ‍කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද පස්වරු 2.00 ට කොළඹ නෙලුම්පොකුණ රගහලේ දී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගීවීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායම් විසින් සකස් කරන ලද ලේඛණයක් තාරුණ්‍යයේ නෙලුම් ප්‍රකාශය නමින් අද පැවැත්වෙන සමුලුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම, සියලු පළාත් නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

 

 

Related posts

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

අගමැති හෙට චීනයට

Mohamed Dilsad

Leave a Comment