ප්‍රමුඛ පුවත 1

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

 

(UTV | කොළඹ) – ඉදිරි සති තුන තුළ කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සහ අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අළුත්වැඩියා කටයුතු අළුත්ගම, මතුගම සහ අගලවත්ත නව ජල ව්‍යාපෘතිය මඟින් සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, බේරුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජල සැපයුම සීමා වෙයි.

Related posts

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Mohamed Dilsad

රට තුළ මන්දපෝෂණය දුරලීමට තිරසාර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment