ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් ( පැ.කි.මී. 50 දක්වා) සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අනුරාධපුරය සහ බදුල්ල දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් යාපනය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද, වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු  අවම කර ගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු මහා නාහිමිවරු හමුවීමට සුදානම්

Mohamed Dilsad

නීති විරෝධී මත්පැන් වැටලීම් ගැන දැනුම් දෙන්න 1913

Mohamed Dilsad

පිළියන්දලදී එඩි ප්‍රහාරයට ලක්වූ දැරිය මිය යයි

Mohamed Dilsad

Leave a Comment