විදෙස්

ලෙකිමා සුළි සුළඟ හමුවේ චීනයෙන් රතු නිවේදනයක්

(UTV| චීනය) – චීනයේ ෂෙජියෑං ප්‍රාන්තයේ හමා තිබෙන ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන ලෙකිමා සුළි සුළඟ හෙට (10) අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියේ ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං සහ වැසි ඇති වන බවයි.

මෙම සුළි සුළඟ හේතුවෙන් තායිවානය දැනටමත් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, වෙළඳසැල් සහ පාසල් ද වසා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

මේගන් මාර්කල් කුමරියට චෝදනාවක්

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

Leave a Comment