විදෙස්

ලෙකිමා සුළි සුළඟ හමුවේ චීනයෙන් රතු නිවේදනයක්

(UTV| චීනය) – චීනයේ ෂෙජියෑං ප්‍රාන්තයේ හමා තිබෙන ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන ලෙකිමා සුළි සුළඟ හෙට (10) අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියේ ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං සහ වැසි ඇති වන බවයි.

මෙම සුළි සුළඟ හේතුවෙන් තායිවානය දැනටමත් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, වෙළඳසැල් සහ පාසල් ද වසා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන්ට වසර 30 ක සිර දඩුවම්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්

Mohamed Dilsad

චීනයෙන් ආනයනය භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් 10 % ක තීරු බද්දක්

Mohamed Dilsad

Leave a Comment