ප්‍රමුඛ පුවත 1

කලා ඇතළු විෂයන් කිහිපයක් සඳහා බස්නාහිර පළාත් ගුරු පත්වීම් දීමට සුදානම්

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 1000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රාථමික, දෙමළ මාධ්‍ය මෙන්ම කලා විෂයන් ඉගැන්වීම සඳහා ද ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි.

එම පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම මේ මාසය ඇතුළත සිදු කරන බව එම කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය .පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

විභායෙන් සමත් වූවන්ගේ ලේඛනයක් මේ වන විට නිකුත් කර ඇති අතර එම ලේඛනයට අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා ඔවුන් කැඳවීම ලබන සතියේ සිදු කරන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment