විදෙස්

උතුරු කොරියාව හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලයි

(UTV| උතුරු කොරියාව) – උතුරු කොරියාව අද (06) උදෑසන තවත් හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙන බවත් එය සති දෙකක් තුළ ඔවුන් සිදුකළ සිව් වැනි මිසයිලය වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ දකුණුදිග හවන්ගේ ප්‍රාන්තයේ සිට නැගෙනහිර මුහුද දෙසට එම මිසයිල එල්ල කළ බවයි.

ඒ සම්බන්ධයෙන් දකුණු කොරියාව සහ ජපානය සමඟ අවධානයෙන් කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේය.

ඊයේ (06) ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ විය.

ඊට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් ඉහළ නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලියේ සියලු පාසැල් යළිත් විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි

Mohamed Dilsad

රුසියානු තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත ඉන්දියාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment