ප්‍රමුඛ පුවත 1

මෝදර ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන සිමකෙරේ

(UTV| කොළඹ) – මෝදර – මුතුවැල්ල මාවත ශාන්ත ජේම්ස් හන්දියේ සිට ඩිලාසල් හන්දිය දක්වා වූ මාර්ගයේ අද (02) රාත්‍රී 10.00 සිට ලබන 5 වන දා අලූයම 5.00 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියේ ලබන 9 වන දා රාත්‍රී 10.00 සිට 12 වන දා අලූයම 5.00 දක්වා සහ 16 වැනිදා  රාත්‍රී 10.00 සිට 19 වන දා අලූයම 5.00 දක්වා ද එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි

මේ අතර, ලබන 2 වැනිදා රාත්‍රී 10.00 සිට 5 වැනිදා අලූයම 5.00 දක්වා සහ 9 වැනිදා රාත්‍රී 10.0 සිට 12 වැනිදා අලූයම 5.00 දක්වා මෝදර වීදිය – මාදම්පිටිය හන්දියේ සිට රජමල්වත්ත පාර හන්දිය දක්වා වූ මාර්ගය ද ජල නළ එළීම හේතුවෙන් රථ වාහන ධාවනය සීමා කෙරෙයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට සැලසුම්

Mohamed Dilsad

ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකී

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන්ට විශේෂිත ළමා අරමුදලක්

Mohamed Dilsad

Leave a Comment