ප්‍රමුඛ පුවත 1

මැදවච්චියේ සිදුවූ අනතුරකින් තිදෙනෙක් මරුට

(UTV|අනුරාධපුරය) – මැදවච්චිය,අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යාපනය දෙසට ධාවනය වු සුඛෝපබෝගී පුද්ගලික බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබේ.

මෙහිදී බස්  රථයේ ගමන් ගත් අට දෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක්  වු පිරිමි පුද්ගලයෙකු ,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් තිදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර රෝහලට වෙත මාරු කර යවා ඇති අතර මෙම තුවාලකරුවන් අතර කාන්තාවක්,පිරිමි පුද්ගලයෙක් සහ ගැහැණු ළමයි දෙදෙනෙක් සහ පිරිමි ළමයෙක් සිටින බව වාර්තාවේ.

මෘත ශරිර මැදවච්චි රෝහලේ තැම්පත් කර ඇත.

ලොරි රථයේ රියදුරු පලා ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

සරසවි සිසුන් 25කට වසර දෙකක් පන්ති තහනම්

Mohamed Dilsad

Leave a Comment