ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

(UTV – කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ලබන සතියේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, එම වැඩසටහන ලබන 31 සිට 02 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ , ගම්පහ, කළුතර , මාතර , හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම මදුරු මර්දන වැඩ සටහන ක්‍රියත්මක වේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය සඳහන් කළේ ය.

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

මෙම කාලය තුළ ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 31,000 කි.

Related posts

අනිද්දා ගුරු , විදුහල්පතිවරුන් දීපව්‍යාප්ත වර්ජනයක.

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ජනතාව රැස්වෙයි

Mohamed Dilsad

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment