ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම මැණික් ගල් මගියෙකුගෙන් සොරකම් කර ඇති බවයි.

මේ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර, වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ මැණික් ගල්වලට අමතරව  ඔහු සොරා ගත් රුපියල් එක්ලක්ෂ 30,000ක් වටිනා චෙක්පතක් ද මෙහිදී සොයා ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නුවරඑළිය සහ හම්බන්තොට නව මහ රෝහල් මැයි මාසයේදී ඇරඹේ.

Mohamed Dilsad

රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි.

Mohamed Dilsad

ගෝඨාගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11…

Mohamed Dilsad

Leave a Comment