ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුව සමඟ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පක්ෂ 10 මෙන්න

(UTV| කොළඹ) – දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අද (26) පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම සිදුවිය.

ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

කෙසේවෙතත් ලංකා සම සමාජ පක්ෂයේ නියෝජිත මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නනායක්කාර මහතා කියා සිටියේ මෙම අවස්ථාවට සහභාගී නොවන බවයි

ඒ අනුව මෙසේ ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ 

හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය,

සතාසිවම්ගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ,

කමල් නිශ්ශංකගේ ලිබරල් පක්ෂය,

සරත් මනමේන්ද්‍රගේ නව සිහළ උරුමය,

අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,

කරුණා අම්මාන් නොහොත් විනයාගමුර්ති මුරලිදරන්ගේ තමිල එක්සත් නිදහස් පෙරමුණ,

සරත් විජේරත්නගේ භූමිපුත්‍ර පක්ෂය,

ජයන්ත කුලතුංගගේ එක්සත් ලංකා මහා සභාව,

එස්.ජේ. තුෂ්යන්තන්ගේ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,

මුබාරක් අබ්දුල් මජීඩ්ගේ මුස්ලිම් උලමා පක්ෂයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට

Mohamed Dilsad

මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් කැඳවීමක්.

Mohamed Dilsad

Leave a Comment