ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයට පෙර කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී තිබුණේ නෑ – එම්.ආර්. ලතීෆ්

(UTV| කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත වාර්තා වී තිබූ කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නොතිබුණු බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අප්‍රේල් 21 වනදාට පෙර වාර්තා වූ බුද්ධි තොරතුරු තමන් වෙත නොලැබුනේ ඇයිද යන්න අදටත් තමන්ට ප්‍රහේලිකාවක් බව එම කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ලතීෆ් මහතා කියා සිටියේය.

ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් සඳහා අද වන විටත් තමන්ට කැඳවීමක් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහක්

Mohamed Dilsad

Leave a Comment