ප්‍රමුඛ පුවත 1

ගුරුවරු ලෙඩ නිවාඩු දමයි

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් හතරක් මුල් කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව තීරණය කර තිබේ .

ඒ අනුව අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට ඔවුන් තීරණය කල බව නිවේදනයක් නිකුත් කරමින් විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරගැනීම ඇතුලූ ඉල්ලීම් දිනාගැනීම සඳහා වූ අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග ලබන ඉරිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔවුන් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

නමුත් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුලූ තවත් ගුරු සංගම් 26ක් සම්බන්ධ නොවන බව එම වෘත්තිය සමිති සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයෙන්

Mohamed Dilsad

අපේ දේ රැක ගනිමින් ඊට වටිනාකමක් ලබාදිය යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment