ප්‍රමුඛ පුවත 1

මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව

(උදයම්,කොළඹ) – මාලදිවයින් ගුරුවරුන්ට ශ්‍රී ලංකාවේදී ගුරු පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

අධ්‍යාපන නිලධාරීන් සමඟ ඊයේ (09) දින මාලදිවයින වෙත පිටත්ව ගිය බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මාලදිවයින් රජය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජාතික අධ්‍යාපන ආයතනය හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මේ වැඩසටහන හරහා දෙරට අතර නව දැනුම හුවමාරුවීමක් මෙන්ම මෙරටට විදේශ විනිමය ගලා ඒමක්ද සිදුවනු ඇති බව අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යතුමා මේ අදහස් ප්‍රකාශ කලේ දිවයින පුරා ක්‍රියාත්මක ගුරු මධ්‍යස්ථාන 109ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මුල්ගල තැබෙන 39 වැනි ගුරු මධ්‍යස්ථානය වන  ජයවර්ධනපුර කලාපීය නව ගුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාව සදහා  විද්‍යාපීඨ කොමසාරිස් කේ එම් එච් බණ්ඩාර බස්නාහිර පළාත් අධ්‍යාපන අතිරේක අධ්‍යක්ෂ ජී එන්. සිල්වා, ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලී ඒකනායක , ගුරු අධ්‍යාපන පරිපාලන අධ්‍යක්ෂ එම් එෆ් එන් හරිජා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

අක්මීමනදී වෙඩි ප්‍රහාරයකින් මියගිය පියාට වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ආශීර්වාදයක් කරගත් අපේක්ෂකයන් සිටිනවා [VIDEO]

Mohamed Dilsad

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

Mohamed Dilsad

Leave a Comment