ප්‍රමුඛ පුවත 1

ජාතික ආරක්ෂාවට උපදේශක මණ්ඩලයක්

(UTV| කොළඹ) – ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පත්කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

එහි සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කර ඇත.

ජනාධිපති නීතීඥවරුන් වන කාලිංග ඉන්දතිස්ස, නයිජල් හැව්, නීතීඥ ජාවිඩ් යූසුෆ්, ආචාර්ය රාම් මානික්කලිංගම් සහ ආචාර්ය සුරේන් රාඝවන් එහි සෙසු සාමාජිකයන් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමුවරට අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙය  ශක්තියක් වන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්

Mohamed Dilsad

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment