ප්‍රමුඛ පුවත 1

විදුලිය බිඳවැටීම් අදත් සිදු විය හැකි බවට අනාවැකියක්

(UTV| කොළඹ) – ඊයේ දිනයේ දිවයින පුරා වරින්වර සිදුවන විදුලි බිඳවැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්වූ බව වාර්තාවේ.

ඊයේ පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීම් වාර්තා විය.

මේ හේතුවෙන් ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිස්වලට දැඩි බලපෑම් එල්ල වුණි.

මේ අතර අද දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලි බිඳවැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ දිනයේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බවයි.

ඒ රුපියල් බිලියන 80 ක් පමණ වන ණය සීමාව ඉක්මවා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙනි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ණය සීමාව ඉක්මවා ඉන්ධන නිකුත් කළ පසු, විදුලිබල මණ්ඩලයට ඉන්ධන බෙදා හැරීම ස්වයංක්‍රිය පද්ධතියක් හරහා නතර වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ

Mohamed Dilsad

CID සහ AGD වගකියන ආයතන බවට පත්කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

කලයිමගල් දෙමළ විද්‍යාලයේ ඉදි කල තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

Mohamed Dilsad

Leave a Comment