ප්‍රමුඛ පුවත 1

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළට

(UTV| කොළඹ) – හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළ නැංවීමට සෞදි රජය තීරණය කරයි.

මේ වසරේ දී එම කෝටාව  500කින් වැඩිකිරීමට සෞදි රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වසරේදී 4000 ක පිරිසකට හජ් වන්දනාව සඳහා මක්කම සඳහා පිටත්ව යාමට අවස්ථාව ලැබේ.

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ට මෙලෙස වැඩි අවස්ථාවක් ලබාදීම පිළිබඳව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.එම්. හලීම් මහතා සෞදි අරාබියානු රජය වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

අමතරව ලැබුණු අවස්ථාව හරහා අමාත්‍යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා අවකාශය සලසා දෙන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වසරේ හජ් වන්දනාවට එක්වීමට නියමිතව සිටි බැතිමතුන් 100 දෙනෙකු ලැයිස්තුවෙන් ඉවත්ව ඇති බව ද හලීම් අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

මෙවර හජ් වන්දනාවේ නිරත වන පළමු බැතිමතුන් කණ්ඩායම ලබන 15 වැනිදා සෞදි අරාබියාව බලා පිටත්ව යාමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

පිපිරීම් වලට සම්බන්ධ සැකකරුවන් 24ක් ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment