ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට රාජ්‍ය සේවක එකමුතුව විරෝධතාවක

(UTV| කොළඹ) – අද (03) දහවල් 12 ට රාජ්‍ය සේවක එකමුතුව විසින් විරෝධතා උද්ඝෝෂණයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය සේවක නිල ඇඳුමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 13/2019ට අනුව ඇඳුම් හඳුන්වාදී තිබියදී දේශපාලන වුවමනාවන් මත එම චක්‍රලේඛය සංශෝධනය කර “සංවර ඇඳුමක්” යන යෙදුම ඇතුළත් කර 2019.06.26 දාතමින් නිකුත්කර ඇති 13/2019/(1) යන සංශෝධිත චක්‍රලේඛය අහෝසි කරන ලෙසට බල කරමින් මෙම විරෝධතාවය සිදු කෙරෙන බව එම එකමුතුව කියයි.

රාජ්‍ය සේවයේ ගෞරවනීයත්වයට විශාල හානියක් මෙන්ම විනය පිරිහීමක්ද සිදුවන මෙම සංශෝධිත චක්‍රලේඛය වහාම හකුළා නොගන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්තව උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර අරඹන බව රාජ්‍ය සේවා එකමුතුව වැඩි දුරටත් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

Mohamed Dilsad

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment