ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවමට එරෙහි රිට් ආඥා පෙත්සම සලකා බැලීම අද

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තිරණය වළක්වන ලෙස ඉල්ලා ගොනුකොට ඇති  රිට් ආඥා පෙත්සම අද පස්වරුවේ අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

මරණ දඬුවමට නියම වී ඇති සිරකරුවන් එල්ලා මැරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබුවේ මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා විසිනි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පත්කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි හා අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී

Mohamed Dilsad

වව්නියාවේ 4දෙනෙක් වළකට වැටීමෙන් මියයයි.

Mohamed Dilsad

පාසල් කාලය තුල සිසු උද්ඝෝෂණ තහනම්

Mohamed Dilsad

Leave a Comment